ක්‍රීඩා පුවත්
යක්කල පාපැදි තරඟාවලිය - 2024 හි පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව දිනාගනියි

2024 අප්‍රේල් මස 06 වන දින යක්කල ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති යක්කල පාපැදි තරඟාවලිය - 2024 හි පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව විසින් දිනා ගැනීමට සමත් විය.
09 Apr 2024
විස්සයි විස්ස ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රිමියර් ක්‍රිකට් තරඟාවලියේ පෙර පුහුණු තරඟයකින් මැලේසියා කණ්ඩායම පරදා නාවික හමුදා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට තියුණු ජයක්

2024 අප්‍රේල් මස 08 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැති විස්සයි විස්ස ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රිමියර් ක්‍රිකට් තරඟාවලියේ, මැලේසියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ නාවික හමුදා පිරිමි ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පෙර පුහුණු තරඟයෙන් තියුණු ජයක් හිමි කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
09 Apr 2024
39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි

‘39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය’ 2024 අප්‍රේල් 03 වන දින සිට 06 වන දින දක්වා දියවන්නා ජලාශයේ පැවැති අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිමි අනු ශූරතාවය, කාන්තා අනු ශූරතාවය සහ පිරිමි අතර මැදි (Intermediate) ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
07 Apr 2024
‘අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලිය - 2024’ සාර්ථකව නිමාවට පත්වෙයි

‘අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලිය - 2024’ ශ්‍රි ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ ක්‍රීඩා පිටියේදී, 2024 අප්‍රේල් මස 03 වන දින සිට 06 වන දින දක්වා පැවැත්වුණු අතර, එහි පිරිමි ශූරතාවය පුහුණු විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමි කර ගන්නා ලදි.
07 Apr 2024
‘75th Mr. Sri Lanka – 2024’ කායවර්ධන තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 අප්‍රේල් මස 05 වන දින කොළඹ, නවලෝක ක්‍රීඩාංගණයේ පැවති ‘75th Mr. Sri Lanka – 2024’ කායවර්ධන තරඟාවලියේදී, නාවික හමුදා කායවර්ධන ක්‍රීඩකයින් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.
06 Apr 2024
නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික SLG Golf National Ranking ප්‍රථම ස්ථානය දිනා ගනියි

2024 මාර්තු මස 25 වන දින සිට 28 වන දින දක්වා බොරැල්ල, රෝයල් කලම්බෝ ගොල්ෆ් ක්ලබ් (Royal Colombo Golf Club – Borella) හි පැවති SLG Golf National Ranking තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික සමත් විය.
01 Apr 2024
‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2024’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු රෙජිමේන්තුව මඟින් සංවිධානය කරන ලද ‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2024’ තරඟාවලිය, 2024 මාර්තු මස 31 වන දින කුරුණෑගල, බෝයගනේ යුද හමුදා ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ හිමි කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය.
01 Apr 2024
අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2024 හි පිරිමි සහ කාන්තා ශුරතා පුහුණු විධානය දිනා ගනියි

‘අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2024’, 2024 මාර්තු මස 26 වන දින සිට 30 වන දින දක්වා වැලිසරදී පැවත්වුණු අතර, එහිදී පිරිමි සහ කාත්නා ශුරතා පුහුණු විධානය විසින් දිනා ගැනිමට සමත් විය.
31 Mar 2024
අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 ශූරතාවය බටහිර නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 හි අවසන් මහා තරඟය 2024 මාර්තු මස 28 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.
30 Mar 2024
08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024 හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024, වැලිසර, නාවික හමුදා වෙඩි තැබීමේ සංකිර්ණයේදී 2024 මාර්තු මස 16 වන දින සිට 2024 මාර්තු මස 22 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමත් විය.
26 Mar 2024