සියළු පුවත්

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 සැප්තැම්බර් 14) උතුරු මැද නාවික විධාන මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි....

2024-09-14

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් ගාල්ල දෙවට සහ හම්බන්තොට වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 සැප්තැම්බර් 14) පැවැත්වීමට කටයුතු කෙරිණි....

2024-09-14

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 371 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව පුත්තලම කරඹ මාර්ග බාධකය අසලදී 2024 සැප්තැම්බර් මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සීය හැත්තෑ එකක (371) පම...

2024-09-13

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් පූජිත විතාන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් පූජිත විතාන අද දින (2024 සැප්තැම්බර් 13) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2024-09-13

දහතුන් වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල පනාගොඩදී උත්කර්ශවත් අයුරින් ආරම්භ වෙයි

දහතුන් වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024 සැප්තැම්බර් මස 12 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරු සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙ‍රුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙර...

2024-09-13

රාජකීය ලංකා නාවික හමුදාවේ සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ලංකා නාවික හමුදාවේ සේවය කරන ලද සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) අද දින (2024 සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....

2024-09-12

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරිය (Marine Environment Protection Authority - MEPA) හා එක්ව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් සින්න මුගත්තුවාරම් සහ ආරුගම්බේ වෙරළ තීරයන් පිරිසිදු කිරී...

2024-09-12

කිරිඳඔය නාවික අනුඛණ්ඩයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කෙරේ

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවණ්තිස්ස ආයතනයට අයත් කිරිඳිඔය නාවික අනුඛණ්ඩය පරිශ්‍රයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2024 සැප්තැම්බර් මස 10 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති ...

2024-09-11

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ ග්‍රෑම් 470 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 සැප්තැම්බර් 10) පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) පමණ තොගයක් (තෙත බර සහිත) ...

2024-09-10

Barts Bash -2024 රුවල් තරගාවලීයේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘Barts Bash -2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 08 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ...

2024-09-09

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ගණ දෙවි ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැර වීථි සංචාරය කිරීම නාවික තටාකාංගණ පරිශ්‍රය තුළ සහ ත්‍රීකුණාමලය නගරය කේන්ද්‍ර කර...

2024-09-09

නාවික හා සාගරික විද්‍යාපීඨයේ කීර්තිමත් ආඥාපති වරයෙක් වන ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) වෙත නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී බුහුමන් දැක්වීමේ උළෙලක්

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ කීර්තිමත් ආඥාපතිවරයෙක් වන එම විද්‍යාපීඨයේ හය වන ආඥාපති ලෙස සේවය කල, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) වෙත බුහුමන් දැක්වීමේ උළෙලක්, නාවික හමුදාධිපති, වයිස් අද...

2024-09-08

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව මීගමුව, කල්පිටිය සහ සිලාවතුර ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 07 වන දින සහ අද දින (2024 සැප්තැම්බර් 08) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍...

2024-09-08

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 සැප්තැම්බර් 07) දහවල් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ...

2024-09-08

ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ ස්ථාපිත විධාන දන්ත ශල්‍යාගාරය විවෘත කෙරේ

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද උතුරු නාවික විධාන දන්ත ශල්‍යාගාරය විවෘත කිරීම, 2024 සැප්තැම්බර් මස 06 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන...

2024-09-07