ජාතික ආරක්ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කෙරේ

සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාවය උදෙසා ජාතික ආරක්ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම අද (2021 මාර්තු 01) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
01 Mar 2021
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ලක්
නාවික හෙඳ විදුහලේ පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 44 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2019 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 44 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය අද (2021 පෙබරවාරි 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
25 Feb 2021
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජනය හේතුවෙන් රෝහල් වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නාවික හමුදා සහය

රෝහල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදු වන අපහසුතා මඟ හරවා ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීම සඳහා නාවික හමුදා වෛද්‍ය අංශයේ සාමාජිකයින් ඇතුලුව නාවික හමුදා පුද්ගලයින් යොමු කිරීමට කටයුතු කරන ලදි .
25 Feb 2021
නාවික හමුදාව විසින් ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කෙරේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලද තවත් සමාජ සත්කාරයක් ලෙස ඉදි කළ 821 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මැල්සිරිපුර, උමන්දාව මහා විහාර ආශ්‍රම පරිශ්‍රයේ දී අද (2021 පෙබරවාරි 24) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
24 Feb 2021