වැදගත් සිදුවීම්

මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි

2026 මාර්තු මස 02 වැනි දින සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව 2026 මාර්තු මස 04 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

06 Mar 2026

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ ගාල්ල කරාපිටිය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව නාවික හමුදාව මඟින් ගාල්ල කරාපිටිය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 02 වැනි දින එම රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

06 Mar 2026

මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව දිවයිනට පැමිණෙයි

මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා 2026 මාර්තු මස 02 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

03 Mar 2026

ඉන්දියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය සහ MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයෙන් පසුව 'සාගර' සහ 'නන්දිමිත්‍ර' දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ විසාකාපට්නම් වරාය ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින්, 2026 පෙබරවාරි මස 18 සිට 26 වැනි දින දක්වා පැවැති MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සහ ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර නෞකා, අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වීමෙන් අනතුරුව, 2026 පෙබරවාරි මස 27 දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම නෞකා ද්විත්වය පිළිගැනීම, කොළඹ වරායේ දී සිදුකෙරිණි.

03 Mar 2026

නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත් වෙයි

නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2026 පෙබරවාරි මස 27 සහ 28 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

03 Mar 2026