වැදගත් සිදුවීම්

සිංගප්පූරුවේ පැවති 15 වන IISS ෂැන්ග්රි-ලා කතිකාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි

සිංගප්පූරුවේ ආසියානු ආරක්ෂක සමුළුවේ පැවැත්වූ යුදෝපායන් පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යන ආයතනයේ 15 වන ෂැන්ග්රි-ලා කතිකාවට ශ්‍රී ලංකා නාවික හමුදා‍ මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.

08 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයේ කුඩා යාත්‍රාවන්හි මුර සංචාරයේ යෙදි සිටි නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (05) සාම්පූර් ප්‍රදේශයෙහි නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jun 2016

කංකසන්තුරේ මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

කංකසන්තුරේට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේ ශ්‍රි ලංකා මුහුදු තිරයේදි පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් ඊයේ (6) වන දින උතුරු නාවික විධානයට අයත් පි 422 ක යාත්‍රාව මුර සංචාරයේ යෙදි සිටියේදි අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jun 2016

නාවික හමුදාධිපතිතුමා බංගලාදේශ නෞකාවේ සංචාරයක නිරතවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (6), මෙරටට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් බංගබන්දු නෞකාවෙහි චාරිකාවක නිරත විය.

06 Jun 2016

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 4 සහ 5 දෙදින නැගෙනහිර නාවික විධානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

06 Jun 2016

ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහණ සැළසීම සඳහා ආධාර රැගත් බංගලාදේශ නෞකාවක් කොළඹ වරායට පැමිණේ
 

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගත් බංගලාදේශ නාවික හමුදාවට අයත් බංගබන්දු නෞකාව අද (5) කොළඹ වරායට සේන්දු විය.

05 Jun 2016

“ද සිනමන් ඔප්ටිමිස්ට් ඒසියන් ඇන්ඩ් ඕෂිඒනියන් චැන්පියන්ෂිප් - 2016” රුවල් යාත්‍රා තරඟාවලියේ තිළිණ ප්‍රදානයට නාවික හමුදාධිපතිතුමන් එක්වේ

ශ්‍රි ලංකා ජාතික රුවල් යාත්‍රා සංගමය (YASL) විසින් සංවිධානය කරනු ලැබූ “ද සිනමන් ඔප්ටිමිස්ට් ඒසියන් ඇන්ඩි ඕෂිඒනියන් චැන්පියන්ෂිප් - 2016” රුවල් යාත්‍රා තරඟාවලිය මැයි මස (28) දින සිට ඊයේ (4) දින දක්වා ත්‍රිකුණාමළය නිළාවේලි වෙරළතීරය අාශ්‍රිතව පැවැත්විණි.

05 Jun 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ටෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී (04) අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jun 2016

ගංවතුරෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ පවිත්‍ර කිරීමට නාවික හමුදාවේ සහාය තව දුරටත්
 

පසුගිය දිනවල පැවති අයපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාව නැවත තම නිවාස කරා පැමිණ ඔවුන් සිය ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් සිටිති.

03 Jun 2016

නාවික හමුදා සිවිල් සේවා සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ප්‍රදානය නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

නාවික හමුදා මූලස්ථානයට අනුයුත්තව සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත පත්වීම් ලිපි හා සේවා ඇගයීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (3) ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

03 Jun 2016