වැදගත් සිදුවීම්

අධික වටිනාකමින් යුත් රත් හදුන් තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව සහාය වෙයි
 

මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ අධික වටිනාකමකින් යුත් රත් හදුන් තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (30) වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක්, කල්පිටිය පොලීසියට සහාය වීය.

01 Jul 2016

නව ශිෂ්‍යභට නිලධාරීන් 34 දෙනෙකුහට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිතුමා අතින් සිදු කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 58 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 34 දෙනෙකුහට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (1) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

01 Jul 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 24 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් සම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (30) සම්පුර් ප්‍රදේශයේ නෝර්වේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

01 Jul 2016