වැදගත් සිදුවීම්

කේරළ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‍ථේරපුත්ත ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවිකයන් පිරිසක් ඊයේ (9) සිලාවතුර පොලීසිය සමග සිදු කළ සෝදිසියකදී පාලක්කූලි ප්‍රදේශයේ කේරළ ගංජා පැකට් 13 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

10 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයෙක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 8 වන දින සවුත්බාර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

10 Oct 2016

ජපාන නාවික හමුදා ‘කෂීමා’ නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
 
 

දින 5 ක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන නාවික හමුදාවේ “කෂීමා”, “සෙටොයුකි” සහ “අසගිරි” නෞකාවන්හි ආගන්තුක සත්කාර පිළිබිඹු කරමින්, අද (9) දහවල් උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ‘කෂීමා’ නෞකාවේදී සංවිධානය කර තිබිණි.

09 Oct 2016

යාපනය දූපත් හා ත්‍රීකුණාමල පාසැල් ක්‍රීඩකයන් අතර පැවැත් වූ සුහද පාපන්දු තරඟයට නාවික හමුදා අනුග්‍රහය
 

උතුරු හා නැගෙනහිර පළාත් වල අඩු පහසුකම් යටතේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වන පාසැල් දරුවන් වෙනුවෙන් පාපන්දු පුහුණු වැඩසටහන් රාශියක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිදු කරමින් පවතී.

09 Oct 2016

2016 අන්තර් විධාන රග්බි තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි
 

2016 ඔක්තෝබර් මස 7 සහ 8 යන දෙදින වැලිසර නාවික හමුදා රග්බි පිටියේ පැවති අන්තර් විධාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

09 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත යාත්‍රාවල රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉලන්තන්ටුනු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටුයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

09 Oct 2016

දිවුලපැලැස්ස මහා විද්‍යායේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මහියංගනය දිවුලපැලැස්ස මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරුණි.

08 Oct 2016

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට ලැබුණු බුද්ධි තොරතුමක් මත ක්‍රියාත්මක වූ නාවිකයන් පිරිසක් ඊයේ (7) මහබාගේ පොලීසිය හා එක්ව සිදු කළ සෝදිසියකදී හැදල ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ වේදනා නාශක ඖෂධ පෙති 300 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

08 Oct 2016

ජපන් නාවික හමුදාවට අයත් නෞකා තුනක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන නාවික හමුදාවට අයත් “කෂීමා” “සෙටොයුකි” සහ “අසගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා පුහුණු කටයුතු සඳහා අද (7) සවස කොළඹ වරායට සේන්දු විය.

07 Oct 2016

රොටලවෙල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මහියංගනය රොටලවෙල ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරුණි.

07 Oct 2016