වැදගත් සිදුවීම්

එක්සත් ජනපද තානාපති දකුණු නාවික විධාන ආඥාපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතිගරු අතුල් කේෂප් මහතා ජනවාරි මස 14 වන දින ගාල්ල, දකුණු නාවික විධාන මූලස්ථානයේදී, දකුණු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා හමුවිය.

16 Jan 2016

තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කොණ්ඩච්චි සහ කරෙයිතිව් අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 6ක් ජනවාරි මස 14 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jan 2016

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

15 Jan 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරක යාත්‍රාවක් විසින් ගාල්ල මැදගල මුහුදු ප්‍රදේශයේ ඩයනමයිට් යොදා ගනිමින් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග කුඩා ඔරුවක් ජනවාරි මස 12 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

13 Jan 2016

උතුරේ සිසු දරුවන් හට නාවික හමුදාවෙන් නව වසරට පොත්පත්
 

උතුරේ දූපත් වල වෙසෙන සිසු දරුවන් දහසකට 2016 නව වසර වෙනුවෙන් පොත්පත් ප්‍රදානය කිරීම උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කෙරිණි.

13 Jan 2016

නාවික නිලධාරීන් 167 දෙනෙකු ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණවේදී උපාධිය ලබයි
 

ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණවේදී උපාධිය සම්පූර්ණ කරන ලද නාවික නිලධාරීන් 167 දෙනෙකු හට ජනවාරි මස 12 වන දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදාන උත්සවයේ දී උපාධි පිරිනැමිණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ඔහු පිළිගන්නා ලදී.

13 Jan 2016

ඉන්දියානු සාගරික නාවික සමුළුව සහ නාවික ප්‍රධානීන්ගේ හමුව
 

බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානී, වයිස් අද්මිරාල් මුහම්මද් ෆරීඩ් හබීබ් මහතාගේ ආරාධනයකට අනුව බංග්ලාදේශයේ නිල සංචාරයක නිරතව සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මේ වන විට ඩකා අගනුවර පැවැත්වෙන 2016 ඉන්දියානු සාගරික නාවික සමුළුවට (IONS – 2016) සහභාගී වී සිටියි.

12 Jan 2016

කෝටියක් පමණ වටිනා නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 950 ක් නාවික හමුදාවේ අත්අඩංගුවට
 

ඉන්දියාවේ සිට කුඩා යාත්‍රා මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කර කල්පිටිය කප්පල්අඩි ප්‍රදේශයට රැගෙනවිත් ගොඩබිමට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 950 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (8) අත්අඩංගුවට ගන්නා ලදී.

09 Jan 2016

ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන් රැසක් පැවැත්වෙයි
 

2016 ජනවාරි මස 08 වන දිනට යෙදුනු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජනපති පදවිප්‍රාප්ති වර්ෂ පූර්ණය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 09 වන දින නාවික හමුදා මූලස්‍ථානයේදී පැවැත්විණි.

09 Jan 2016

නාවික හමුදාධිපති නවක ශිෂ්‍ය භට නිලධාරීන් හා ඉඳුරාම බඳවාගත් නිලධාරීන් අමතයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුතින් බඳවාගන්නා ලද 57 වන බඳවාගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරීන් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (08) දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගාරයේදී අමතනු ලැබිණි.

08 Jan 2016