වැදගත් සිදුවීම්

විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ
 

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අද (ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

09 Oct 2017

ගාලු කථිකාව 8 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අට වන වසරටත් සංවිධානය කරනු ලබන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 09) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

09 Oct 2017

නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ තිරුනි සින්නයියා මැතිනිය ඊයේ (ඔක්තෝබර් 07) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී.

08 Oct 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 07) රාත්‍රී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

08 Oct 2017

නාවික හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වේ
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද Sea Power 2017 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී විය.

08 Oct 2017

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මූලිකත්වය මත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට
 

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 02 ක් ඊයේ (ඔක්තෝබර් 06) හම්බෙගමුව ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරිණි.‍

07 Oct 2017

නාවික හමුදාධිපතිතුමන් ගංඟාරාම විහාරස්ථානාධිපති හිමිපාණන් බැහැදකී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 07) කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර හිමිපාණන් බැහැ දකින ලදී.

07 Oct 2017

ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදා අතර පැවති නාවික අභ්‍යාසය (CARAT 2017) සාර්ථක ලෙස අවසන් වේ
 

ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද මැරීන් බළකා සෙබළුන්ගේ සහභාගීත්වයෙන් පැවති සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව (CARAT 2017) පිළිබඳ නාවික අභ්‍යාසය අද (ඔක්තෝබර් 06) ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

06 Oct 2017

ශ්‍රීලංනානෞ එළාර ආයතනයේ 62 වන දිනයට සමගාමීව කරෙයිනගර් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
 

කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට වසර 62 ක් සපිරීම නිමිති කර ගනිමින් නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 05) කරෙයිනගර් දූපත් වාසී ජනතාව වෙනුවෙන් විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් සංවිධානය කොට තිබුණි.

06 Oct 2017

වප් පුන් පොහොය දිනය නිමිත්තෙන් බෞද්ධ ආගමික වැඩසටහන් රැසක්
 

ඊයේ (ඔක්තෝබර් 05) දිනට යෙදී තිබූ වප් පුන් පොහොය දිනය නිමිත්තෙන්, නාවික ආයතන රැසක විශේෂ බෞද්ධ ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.

06 Oct 2017