වැදගත් සිදුවීම්

කොමාණ්ඩර් තිලක් මලලගම විසින් රචිත “ක්‍රීඩා අනතුරු කළමණාකරන මාර්ගෝපදේශකය” කෘතිය එළිදැක්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේ පරිපාලන නිලධාරියෙකු වන කොමාණ්ඩර් තිලක් මලලගම මහතා විසින් රචිත “ක්‍රීඩා අනතුරු කළමණාකරන මාර්ගෝපදේශකය” (Guid to Injury Management in Sports) කෘතිය ඊයේ (නොවැම්බර් 22) දොරට වඩින ලදී.

23 Nov 2017

චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් ශි ෂොන්ගු මහතා ඇතුළු චීන ආරක්ෂක අංශ නියෝජිතයින් 56 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා අද (නොවැම්බර් 21) මෙරටට පැමිණෙන ලදි.

21 Nov 2017

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2017 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ඊයේ (නොවැම්බර් 20) පැවැත්විණි.

21 Nov 2017

ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා නෞකාවන්ගේ නව අණදෙන නිලධාරීන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවන් වන ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා හි නව අණදෙන නිලධාරීන් අද (නොවැම්බර් 20) සිය තනතුරු වල වැඩ භාර ගන්නා ලදී.

20 Nov 2017

ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයක්
 

ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියේ එක් තරඟයක් ඊයේ (නොවැම්බර් 19) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

20 Nov 2017

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් තිදෙනෙකු‍ගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය
 


පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් 3 දෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය.

20 Nov 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 153.1 ක් සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අයත් පි 437 වේග ප්‍රහාරක යාත්‍රාවට සහ වෙරළාරක්ෂක බලකායේ සිජි 401 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (නොවැම්බර් 19) පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 153.1 ක් සොයා ගෙන ඇත.

20 Nov 2017

උතුරු නාවික විධානය විසින් නයනතිව් දුපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (නොවැම්බර් 18) යාපනය, නයනතිව් දූපතේ පිහිටි නාගදීප රජමහා විහාරස්ථානයේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

19 Nov 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (නොවැම්බර් 18) කච්චතිව් දුපතට ඊසන දෙසින් සහ ඩෙල්ෆ්ට් දුපතට බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 02 ක් අත්අඩංගුවට ගෙන ඇත.

19 Nov 2017

ශ්‍රීලංනානෞ ජගතා නෞකාව සිය 26 වන නෞකා දිනය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ ජගතා හී 26 වන සංවත්සරය නිමිත්තෙන් එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් නිශාන්ත කුලතුංග මහතාගේ අංශ පිරික්සීම පසුගිය නොවැම්බර් මස 15 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

17 Nov 2017