‘Commander’s Cup 2018’ ගොල්ෆ් ශූරතාවලියෙන් නාවික හමුදාවට ජයක් අත් කර දුන් ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත මහතා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Commander’s Cup 2018’ ගොල්ෆ් තරඟාවලියේ ආරක්ෂක සේවා අංශයේ ශූරතාවය දිනා ගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දුන් ලුතිනන් කොමාණ්ඩර් (නාසෙ) හර්ෂ උඩවත්ත මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
06 Feb 2018
නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි
හෙරොයින් ග්‍රෑම් 425 ක් සහ දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 02) නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කුඩා ධීවර යාත්‍රාවක් (වල්ලමක්) මඟින් මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 425 ක් සහ බීඩි වර්ගයේ දුම්වැටි සහිත ඇසුරුම් 157 ක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
03 Feb 2018