වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන් අතින් ඉදිකිරීම් කිහිපයක් විවෘත කෙරේ
 

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් සිය ආඥාපති ධූරයේ අවසන් කඳවුරු චාරිකාවාරය ඊයේ (පෙබරවාරි 22) සිදු කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අභිනව ඉදිකිරීම් කිහිපයක් එතුමන් විසින් විවෘත කරන ලදී.

23 Feb 2018

කොමදෝරු ආනන්ද ගුරුගේ ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගනී
 

කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ඊයේ (පෙබරවාරි 22) ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

23 Feb 2018

ඕස්ට්‍රේලියානු ‍නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ටිම් හගින්ස් මහතා ඊයේ (පෙබරවාරි 22) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය.

23 Feb 2018

නාවික හමුදාව ඩෙල්ෆ්ට් ජැටිය ඉදිකිරීමේ දෙවන අධියර නිමාවට පත් කරයි
 

උතුරු නාවික විධානයේ අනුග්‍රහය මත ඉදි කෙරුනු ඩෙල්ෆ්ට් ජැටියේ දෙවන අධියරේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමාවට පත් කෙරුණු අතර, එය විවෘත කිරීමේ උත්සවය ඊයේ (පෙබරවාරි 21) පැවැත්විණි.

22 Feb 2018

ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
 

ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තවත් එක් තරඟය ඊයේ (පෙබරවාරි 21) නාවික හමුදා සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම් අතර පැවැත්විණි.

22 Feb 2018

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවටේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි මස 17 වන දින ත්‍රිකුණාමලය, උප්පුරාල් ප්‍රදේශයේදී නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

21 Feb 2018

මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 109 කට සහ ලාංකික ධීවරයින් 6 දෙනෙකු හට නිදහස
 

මුහුදු සීමා උල්ලංඝණය කර නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අංඩගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාර දීම සහ ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නැවත මෙරටට භාර දීම අද (පෙබරවාරි 20) නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

20 Feb 2018

බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල විවෘත කෙරේ
 

වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල අද (පෙබරවාරි 20) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

20 Feb 2018

පුහුණුවන නිලධාරීන් දෙමාපිය දිනය උත්කර්ශවත් අයුරින් සමරයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලබන 58, 59 සහ 60 වන නිලධාරී බඳවා ගැනීම් වලට අයත් ශිෂ්‍යභට සහ මධ්‍ය නිලධාරීන් පසුගිය පෙබරවාරි මස 12 වන දින විද්‍යාපීඨ දෙමාපිය දිනය ඉතා උත්කර්ශවත් අයුරින් සමරන ලදී.

20 Feb 2018

කොමාණ්ඩර් ලංකානාථ දිසානායක ශ්‍රිලංනා‍‍නෞ උදාර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතා අද (පෙබරවාරි 19) වැඩ භාර ගන්නා ලදී.

19 Feb 2018