වැදගත් සිදුවීම්

යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපතිතුමන් නැගෙනහිර නාවික විධාන ආඥාපතිතුමන් හමුවෙයි
 

යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපති, මේජර් ජෙනරාල් එච්ඩබ්එස්ඩීබී පනන්වල මහතා අද (ජනවාරි 13) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය.

13 Jan 2018

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසයක් පවත්වයි
 

සාගරික සම්පත් ආරක්ෂා කිරීමේහිලා නිරන්තර මූලිකත්වයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජනවාරි 11) කන්කසන්තුරය වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසයක් පවත්වන ලදී.

12 Jan 2018

කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (ජනවාරි 11) වයඹ නාවික විධානයට අනුයුක්ත මැරීන් බලකායේ නාවිකයින්, සිලාවතුර, පොලිසියේ නිලධාරින් සහ මන්නාරම, මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් එක්ව කායක්කුලි ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමක දී සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සමත්වී ඇත.

12 Jan 2018

ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක විද්‍යා) සාලිය හේමචන්ද්‍ර ශ්‍රීලංනානෞ හංසයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක විද්‍යා) සාලිය හේමචන්ද්‍ර මහතා ඊයේ (ජනවාරි 10) වැඩ භාර ගන්නා ලදී.

11 Jan 2018

රත්‍රං ‍ග්‍රෑම් 600 ක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 10) පේසාලෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ රත්‍රං ග්‍රෑම් 600 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

11 Jan 2018

වාහන ප්‍රවාහන නෞකාවේ ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීමේ නාවික හමුදා මෙහෙයුම
 

ජනවාරි මස 09 වන දින රාත්‍රී 1120 ට පමණ කොළඹ වරායේ සිට හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ මාෂල් දූපතට අයත් ‘MV GLOVIS CAPTAIN’ නමැති වාහන ප්‍රවාහන නෞකාව සහ පසුගිය ජනවාරි මස 01 වන දින පුද්ගලයින් 7 දෙනෙකු රැගෙන හික්කඩුව ධීවර වරායෙන් පිටත් වූ නදීශා II නමැති බහුදින ධීවර යාත්‍රාව දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 13 ක් පමණ ගැඹුරු මුහුදු සීමාවේදී එකිනෙක ගැටී අණතුරට ලක්වී ඇත.

10 Jan 2018

නව පත්වීම් ලද ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ගෘප් කපිතාන් සීන් අන්වින් මහතා අද (ජනවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය.

10 Jan 2018

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 09) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතී විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jan 2018

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ උප්පුවේලි පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 09) නිලාවේලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ‍ත්‍රීරෝද රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jan 2018

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව සිය 66 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව අද (ජනවාරි 09) දින වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේදී සිය 66 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය.

09 Jan 2018