වැදගත් සිදුවීම්

ගාලු කථිකාව 10 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දහ වන වසරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 21) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

21 Oct 2019

නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු ඇතුළු මිනිස් ජාවරම් මෙහෙයවනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් පස්දෙනෙකු (05) 2019 ඔක්තෝබර් 20 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

21 Oct 2019

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 27.85 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 20 වන දින නච්චිකුඩා, කීරිකුඩා ධීවර ගම්මානයට අයත් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 27.85 ක් සොයා ගෙන ඇත.

21 Oct 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් පුල්මුඩේ සහ පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

20 Oct 2019

නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 19 වන දින මිගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 43600 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

20 Oct 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව කල්ලඩි වෙරළ තීරයේ සහ ත්‍රිකුණාමලය, පල්චෙනයි වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.

20 Oct 2019

රාජකීය නෙදර්ලන්ත නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී, මේජර් ජෙනරාල් (මැරීන්) එෆ්.වී. වෑන් ස්ප්‍රෑන්ග් 2019 ඔක්තෝබර් 19 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

20 Oct 2019

සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (ඔක්තෝබර් 20) දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී.

20 Oct 2019

ගාලු කථීකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය හෙට කොළඹදී

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දහවන වරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේදී ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වීමට සියළුම කටයුතු සුදානම් කර ඇත.

20 Oct 2019

ධිවර දැල් වලට හසුවී සිටි ජීවි පොකිරිස්සන් දහදෙනෙකු නාවික හමුදාව විසින් සාගරයට මුදා හරි

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 19) කුඹුක්කන්ඔය ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී ධිවර දැල් වලට හසුවී සිටි පොකිරිස්සන් දහදෙනෙකු (10) සාගරයට මුදා හැරීමට කටයුතු කර ඇත.

19 Oct 2019