වැදගත් සිදුවීම්

දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය සුරක්‍ෂිත කර දීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2019 දෙසැම්බර් 28 වන දින ක්‍රියාත්මක කරන ලදි.

28 Dec 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව 2019 දෙසැම්බර් 28 වන දින අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත.

28 Dec 2019

ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් ඉන්දීය සහ ශ්‍රීලාංකීක ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් ඉන්දීය සහ ශ්‍රීලාංකීක ජාතිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 27 වන දින බේරා ගැනීමට සමත් විය.

28 Dec 2019

නාවික හමුදා පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2019 දෙසැම්බර් 28) අළුයම මන්නාරම, කොන්නයාන් කුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත.

28 Dec 2019

69 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්

පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව 2019 දෙසැම්බර් 27 වන දින කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී. නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන වශයෙන් එය හැඳින්විය හැක.

28 Dec 2019

කපිතාන්(මාලිමා) නිමල් රණසිංහ ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන්(මාලිමා) නිමල් රණසිංහ අද (2019 දෙසැම්බර් 27) වැඩ භාර ගන්නා ලදී.

27 Dec 2019

ගංවතුරෙන් අපවිත්‍ර වී තිබු ඉබ්බන්කටුව වැව පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් ගංවතුරෙන් අපවිත්‍ර වී තිබු ඉබ්බන්කටුව වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2019 දෙසැම්බර් 24 වන දින සිට මේ දක්වා ක්‍රියාත්මක කරමින් පවති.

26 Dec 2019

කේරළ ගංජා ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 දෙසැම්බර් 25 වන දින අනුරාධපුරය, පරසන්ගස්වැව ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 165 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

26 Dec 2019

අසිරිමත් නත්තලට සමඟාමීව පැවති කැරෝල් ගී ප්‍රසංගයට නාවික හමුදාව දායක වෙයි

ජේසුස් ක්‍රිස්තූස් වහන්සේගේ උපත සැමරීම සඳහා යෙදුණු අසිරිමත් නත්තල් උත්සවයට සමඟාමීව 2019 දෙසැම්බර් 24 වන දින ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති රාත්‍රී කැරොල් ගී ප්‍රසංගය සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

25 Dec 2019

කැස්බෑවෙකු බේරා ගැනිමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 25) උදෑසන කන්කසන්තුරය තල් සෙවන වෙරළ තීරයේ සිටි කැස්බෑවෙකු බේරා ගැනීමට සමත් වී ඇත.

25 Dec 2019