වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 අගෝස්තු මස 08 වන දින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.

09 Aug 2021

නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පන්තිකාමර ගොඩනැගිල්ල, විද්‍යාගාර ගොඩනැගිල්ල සහ අළුත්වැඩියා කරන ලද පරිඝණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අද (2021 අගෝස්තු 08) දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

08 Aug 2021

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 අගෝස්තු 08) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදීත්, 2021 අගෝස්තු 09 වන දින සිට වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේ සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලය යන ස්ථානයන්හි දීත් නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මඟින් “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරනු ලබයි.

08 Aug 2021

යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ පහසුකම් සිසු අයිතියට

නාවික හමුදා දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැලිල්ල සහ අළුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අද දින (2021 අගෝස්තු මස 01) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

01 Aug 2021

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ නාවික දින සැමරුම් උළෙලට සහභාගී වේ

රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ 325 වන නාවික හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් පැවති නාවික පෙළපාලිය 2021ජූලි මස 25 වන දින රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතාගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ ශාන්ත පීටස්බර්ග් නගරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රුසියානු සමූහාණ්ඩුවේ නාවික හමුදාධිපති, අද්මිරාල් නිකොලායි යෙව්මෙනොව් (Admiral Nikolai Yevmenov) ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්දිමා උළුගේතැන්න මැතිණියද සහභාගී විය.

29 Jul 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් රුවන් පෙරේරා සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුලි 27) දින විශ්‍රාම යන ලදී.

27 Jul 2021

ලෝක කඩොලාන දිනයට සමගාමීව නාවික හමුදාවෙන් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්

ලෝක කඩොලාන දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක්‌ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (2021ජූලි 26) තලෙයිමන්නාරම සහ නච්චිකුඩා වෙරළ ප්‍රදේශයන්හිදී ක්‍රියාත්මක කෙරිණි.

26 Jul 2021

නාවික හමුදාව මඟින් අලුත්වැඩියා කළ "වඩතාරකි" යළි ඩෙල්ෆ්ට් සහ කුරිකඩ්ඩුවාන් අතර සේවයට එක්වේ

යාපනය, පුන්ගුඩුතිව් දූපතේ කුරිකඩ්ඩුවාන් ජැටිය සහ ඩෙල්ෆ්ට් දූපත අතර මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවා තිබූ "වඩතාරකී" යාත්‍රාව අක්‍රීයවීමෙන් දූපත් අතර ප්‍රවාහන කටයුතු ඉතා දුෂ්කර තත්වයකට පත්ව තිබූ අතර, නාවික හමුදාව විසින් "වඩතාරකී" යාත්‍රාව අලුත්වැඩියා කර ක්‍රියාකාරී තත්වයට පත් කිරීමෙන් පසු 2021 ජූලී මස 15 දින සිට යළි දූපත් අතර මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන සේවයට එක්විය.

26 Jul 2021

නැගෙනහිර නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සංජීව ඩයස් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සංජීව ඩයස් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී අද (2021 ජූලී 24) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

24 Jul 2021

උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති වශයෙන් 2021 ජූලි 20 වන දින වැඩ භාර ගන්නා ලදී.

20 Jul 2021