වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් අද දින (2023 ජුලි 04) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
04 Jul 2023
පූර්ණ ආබාධිත විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයෙකු වෙත නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි
විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් පුර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින පාලක ප්‍රධාන සුළු නිලධාරි එම්යූඑල් ජයරත්න (විශ්‍රාමික) යන ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, 2023 ජුලි මස 03 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි එම ජ්‍යේෂ්ඨ නාවිකයාගේ නිවසේදි සිදු කෙරිණි.
04 Jul 2023
නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 01 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ කාලීන අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
02 Jul 2023
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 සහ 36 වන බඳවා ගැනීමේ තාක්ෂණික අංශයට අයත් මධ්‍ය නිලධාරීන් 23 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 සහ 36 වන බඳවා ගැනීමේ තාක්ෂණික අංශයට අයත් මධ්‍ය නිලධාරීන් විසිතුන් දෙනෙකු (23), 2023 ජුනි මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ උත්සවයකින් අනතුරුව විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
01 Jul 2023
නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් හා ශිෂ්‍යභට නිලධාරීන් 67ක් නාවික හමුදා මූලස්ථානයේදී පත්වීම් ලිපි ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 65 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් තිස්පස් දෙනෙකු (35), ස්වේච්ඡා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු 67ක් වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද දින (2023 ජුනි 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
29 Jun 2023
නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නිලධාරීන් 2ක් සහ කාන්තා නාවිකයන් 3ක් මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් තිදෙනෙකු ගෙන් (03) සමන්විත නාවික හමුදා ඉතිහාසයේ පළමු කාන්තා නාවික පැරෂුට් කණ්ඩායම 2023 ජුනි මස 21 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත් විය.
28 Jun 2023
නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නන්වයි
නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් කඩොලාන පැළ දහසක් (1000) රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 26 වන දින ලංකාපටුන උල්ලුක්කලෙයි කලපු ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
27 Jun 2023
මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි
2023 ජුනි මස 21 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රි ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරත වන මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් Zhang Changsheng ගේ ප්‍රධානත්වයෙන් යුත් පනස් හය දෙනෙකුගෙන් (56) සමන්විත නිලධාරීන් කණ්ඩායමක් 2023 ජුනි මස 23 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී එම කණ්ඩායමේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
24 Jun 2023
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2023 ජුනි මස 22 වන දින එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2023 ජුනි මස 23 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
24 Jun 2023
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් විජිත මාරපන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මාරපන අද දින (2023 ජුනි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
23 Jun 2023


