වැදගත් සිදුවීම්
හතරවන වේග ප්‍රහාරක බලඝණය සඳහා පාවෙන ආපදා පාලන පුහුණු ඒකකයක්

භාවිතයෙන් ඉවත් කර තිබූ පී 419 වේග ප්‍රහාරක මුර යාත්‍රාව ත්‍රකුණාමලය නාවික තඨාකාංගණයේදී පාවෙන ආපදා පාලන පුහුණු ඒකකයක් බවට පරිවර්ථනය කිරීමෙන් පසු, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් හතරවන වේග ප්‍රහාරක බලඝණ පුහුණු ඒකකය වෙත උත්සවාකාරයෙන් භාරදීම 2020 අගෝස්තු මස 05 වන දින සිදු කරන ලදි.
06 Aug 2020
ගිං ගඟ අවට ප්‍රදේශයේ ගංවතුර අවදානම මැඩලීමට නාවික හමුදාව දායක වෙයි

පසුගිය දින කිහිපය තුළ ඉහල ගංගාධාරා ප්‍රදේශ වලට ඇදහැලුනු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව සිරවී තිබූ දැවකඳන් හා අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබූ ගිං ගඟ නැවත යථාවත් කරමින් ප්‍රදේශයේ පහත්බිම් ගංවතුර අවදානමෙන් මුදවාලීමට පසුගිය සතියේදී නාවික හමුදාව කටයුතු කරන ලදි.
06 Aug 2020
ශ්‍රීලංනානෞ අභීත II, රණවික්‍රම සහ රණවිජය යාත්‍රා සඳහා නව අණදෙන නිලධාරීන් පත්වේ

ශ්‍රී ලංනානෞ අභීත II, ශ්‍රී ලංනානෞ රණවික්‍රම සහ ශ්‍රීලංනානෞ රණවිජය යාත්‍රාවන්ගේ අණදෙන නිලධාරීන් ලෙස පිළිවෙළින් කොමාණ්ඩර් චමිල රාජපක්‍ෂ, කොමාණ්ඩර් ශාන්ත අඹන්වල සහ ලුතිනන් කොමාණ්ඩර් ඉදුවර ධර්මරත්න 2020 අගොස්තු 04 වන දින පත්විය.
05 Aug 2020
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධානයනවූ තවත් පුද්ගලයින් 09 ක් පිටව යයි.

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 09 ක් 2020 අගෝස්තු 02, 03 සහ 04 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
04 Aug 2020
රියර් අද්මිරාල් කස්සප පෝල් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් කස්සප පෝල් සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් 2020 අගෝස්තු 03 වන දින විශ්‍රාම යන ලදි.
04 Aug 2020
දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කොමදෝරු ප්‍රියන්ත පෙරේරා වැඩ භාර ගනී.

කොමදෝරු ප්‍රියන්ත පෙරේරා 2020 ජුලි 31 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
02 Aug 2020
ශ්‍රීලංනානෞ ‘රත්නදීප’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් අසංක මනුරත්න වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළබඩ මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් අසංක මනුරත්න 2020 ජූලි 31 වන දින වැඩ භාර ගන්නා ලදී.
02 Aug 2020
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අභිනව නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා 2020 ජූලි 31 වන සිකුරාදා දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
01 Aug 2020
අභිනව නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට අද (2020 ජූලි 31) වැලිසර, නාවික රණවිරු ස්මාරකය අභියසදි ත්‍රස්තවාදය පිටු දැකීමේ මෙහෙයුම් වලදී රට වෙනුවෙන් දිවිපිදූ සහ අතුරුදහන්වූ අභීත නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පිරිනමා ආචාරය පුද කරන ලදි.
31 Jul 2020
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ගකු ෆුකෝරා (Gaku Fukaura) 2020 ජූලි 30 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවන ලදි.
31 Jul 2020