වැදගත් සිදුවීම්
මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කෙරේ.

මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් “මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ජාවාරම්වලට එරෙහි ජාත්‍යන්තර දිනයට” සමගාමීව වැඩසටහන් මාලාවන් කිහිපයක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදී.
02 Jul 2020
මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජූලි 01 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්විය.
02 Jul 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් හයදෙනෙක් (06) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 848ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 01 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
02 Jul 2020
කොමාණ්ඩර් සම්පත් අමරසිංහ ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සම්පත් අමරසිංහ 2020 ජුනි 30 වන දින වැඩ භාර ගන්නා ලදී.
01 Jul 2020
නාවික හමුදා මහ රෝහල සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යලි විවෘත කරයි

වැලිසර නාවික මහ රෝහල කොවිඩ් - 19 ආසාධිත නාවික රණවිරුවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙස නම් කිරීමත් සමග සාමාන්‍ය රෝග සඳහා ප්‍රතිකාර කිරීම සීමා විය.
01 Jul 2020
නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 30 වන දින වනාතවිල්ලුව, ස්මයිල්පුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
01 Jul 2020
වලංගු බලපත්‍ර නොමැති ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 30 වන දින තලෙයිමන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු තීරයේදී වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීම සඳහා කටයුතු කරන ලද පුද්ගලයින් දෙදෙනෙක් (02) ඩිංගි යාත්‍රාවක් සමග නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
01 Jul 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් හයදෙනෙක් (06) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 842ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 30 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
01 Jul 2020
අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කර යථා තත්වයට පත් කිරීමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදි.
30 Jun 2020
රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2020 ජූනි මස 29 වන දින වැඩ භාර ගන්නා ලදී.
30 Jun 2020