වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලැබූ 7 වන මාණ්ඩලික සාකච්ජාව සඳහා පැමිණි දූත පිරිසේ ප්‍රධානත්වය දරණ රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා අද (පෙබරවාරි 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය.
07 Feb 2018
මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 3.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊයේ (පෙබරවාරි 06) සවස නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 3.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
07 Feb 2018
බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෘප් කපිතාන් ෆ්‍රේසර් නිකල්සන් මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
06 Feb 2018
නයිජීරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නයිජීරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු එඕ ෆෙරයිරා මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
06 Feb 2018
‘Commander’s Cup 2018’ ගොල්ෆ් ශූරතාවලියෙන් නාවික හමුදාවට ජයක් අත් කර දුන් ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත මහතා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Commander’s Cup 2018’ ගොල්ෆ් තරඟාවලියේ ආරක්ෂක සේවා අංශයේ ශූරතාවය දිනා ගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දුන් ලුතිනන් කොමාණ්ඩර් (නාසෙ) හර්ෂ උඩවත්ත මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
06 Feb 2018
70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (2018 පෙබරවාරි 04) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.
04 Feb 2018
නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (පෙබරවාරි 04) 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.
04 Feb 2018
හෙරොයින් ග්‍රෑම් 425 ක් සහ දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 02) නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කුඩා ධීවර යාත්‍රාවක් (වල්ලමක්) මඟින් මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 425 ක් සහ බීඩි වර්ගයේ දුම්වැටි සහිත ඇසුරුම් 157 ක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
03 Feb 2018
හක්බෙල්ලන් 775 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 01) කල්පිටිය, ආනවාසල වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස හක්බෙල්ලන් 775 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Feb 2018
තුර්කි ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ආරක්ෂක උපදේශක, කර්නල් කේමල් කරමන් මහතා අද (පෙබරවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
01 Feb 2018