වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍06ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංගට්ටෑව, දම්පෑලැස්සාගම, ගෝනපතිරාව, ධාතුසෙන්පුර සහ පුලියන්කුලම යන ග්‍රාමයන්හී ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් (06) 2025 මැයි මස 16 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

18 May 2025

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සනත් පිටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් සනත් පිටිගල අද (2025 මැයි 17) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

17 May 2025

නාවික හමුදාව ලෝක තැලසීමියා දිනයට සමගාමීව තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර 400ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙයි

මැයි මස 08 වැනි දිනට යෙදුනු ලෝක තැලසීමියා දිනයට සමගාමීව, නාවික හමුදා සාමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර 400ක්, රෝගීන් වෙත නොමිලේ බෙදාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම, 2025 මැයි මස 16 වැනි දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේදී සිදුකෙරුණි.

17 May 2025

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් නාවික හමුදාව සම්බුදු තෙමඟුල සමරයි

2025 මැයි මස 12 වැනි දිනට යෙදුණු සම්බුදු තෙමඟුල සැමරීමේ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සෑම නාවික විධානයකම බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර ඇති අතර, නුවරඑළිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය, කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය සහ බුද්ධ රශ්මී වෙසක් කලාපය සඳහා ද නාවික හමුදාව බැති සිතින් දායක වෙයි.

16 May 2025

ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය හඳුනා ගැනීමේ උපකරණ

ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ස්ථාපිත රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රතිචාර දැක්වීමේ ඒකක (CBRN Units) මඟින් සිදුකෙරෙන පරීක්‍ෂා කිරීම් සඳහා අවශ්‍ය න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය හඳුනා ගැනීමේ උපකරණ තොගයක් නාවික හමුදාධිපති වෙත සංකේතාත්මකව භාරදීම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2025 මැයි 15) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

16 May 2025

ගාලු කථිකාව 2025 නිල වෙබ් අඩවිය එළිදැක්වේ

‘Maritime outlook of the Indian ocean under changing dynamics’යන තේමාව පෙරදැරිව ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරනු ලබන ගාලු කථිකාව 2025 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සඳහා වන නිල වෙබ් අඩවිය එළිදැක්වීම, අද (2025 මැයි 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණී.

16 May 2025

නාවික හමුදාධිපති විසින් කොළඹදී ආරම්භ වූ ඒකාබද්ධ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක දින ප්‍රධාන දේශණය සිදුකරයි

ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (Institute of National Security Studies - INSS), Consortium of South Asian Think Tanks (COSATT) සංවිධානය සහ Konrad-Adenauer-Stiftung (KAS) සංවිධානය හා එක්ව සංවිධානය කරනු ලබන ඒකාබද්ධ ජාත්‍යන්තර සමුළුව අද (2025 මැයි 15) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, එම සමුළුවේ සමාරම්භක දින ප්‍රධාන දේශණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සිදුකෙරිණි.

16 May 2025

‘IMDEX Asia – 2025’ සඳහා සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි

සිංගප්පූරුවේ චැංගි ප්‍රදර්ශණ මධ්‍යස්ථානයේදී 2025 මැයි මස 06 වැනි දින සිට 08 වැනි දින දක්වා සාර්ථකව පැවැත්වූණු ‘IMDEX Asia – 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වැනි අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව, අද (2025 මැයි 15) දිවයිනට පැමිණි අතර, සමුදුර නෞකාව නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

15 May 2025

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා 2025 මැයි මස 09 වැනි දින දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව අද (2025 මැයි 13) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

13 May 2025

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මැයි 09) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදු කෙරිණි.

09 May 2025