වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති ශ්‍රී ලංකා නාවික හමුදා‍ව වෙනුවෙන් ඉදිකරණ අධි තාක්ෂණික නෞකාවන්ගේ නිරික්ෂණ චාරිකාවක නිරත වේ
 

දින පහක නිළ සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (1) ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරණ නවීණතම තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික නෞකාවන්හි නිරික්ෂණ චාරිකා වාරයක නිරත විය.

01 Feb 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.

01 Feb 2017

චීන නාවික හමුදාවේ සාගර පර්යේෂණ නෞකාවක් වන “ක්ව්යෑන් සන්ෂින්ං ” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

චීන නාවික හමුදාවේ සාගර පර්යේෂණ නෞකාවක් වන “ක්ව්යෑන් සන්ෂින්ං ” නෞකාව ඉන්ධන අවශ්‍යතාවයකට සහ තාක්ෂණික නතර කිරීමක් සඳහා අද (1) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහිදී එම නෞකාව පිළිගන්නා ලදී.

01 Feb 2017

නාවික හමුදාධිපතිතුමන් ඉන්දීයානු යුද හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානීන් හමුවේ
 

දින පහක නිළ සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පසු ගිය මස 30 වන දින ඉන්දීයානු යුද හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානීන් හමුවන ලදි.

01 Feb 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් ගාල්ලෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයට සහ වෙරළාරක්ෂක බළකායට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (30) අකුරළ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

31 Jan 2017

නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ සංවාරයක
 
 

නාවික සහයෝගිතාව පිළිබඳ නව මංපෙත් විවර කර ගැනීමේ අරමුණින් ඉන්දියානු නාවික හමුදාවේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2017 ජනවාරි 29 දින ඉන්දියාව බලා පිටත් විය.

31 Jan 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.

30 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ධීවර කටයුතු වල නිරත ලාංකික පුද්ගලයන් 2 දෙ‍නෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (29) නාවික හමුදාව සමත් වී ඇත.

30 Jan 2017

නීති විරෝධී ගංජා හේනක් වැටලීමට සහ මුව මස් ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

කිරින්ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුව මස් කිලෝග්‍රෑම් 26.5 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

29 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයන් 3 දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
 

මිරිස්සෙහි පිහිටි වෙරළාරක්ෂක රෝහණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) නීති විරෝධී කටයුතුවල නිරත වූ ලාංකික පුද්ගලයෙකු සහ විදේශික පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

29 Jan 2017