වැදගත් සිදුවීම්
සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නාවික උපදේශක නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Lieutenant Commander RICHARD LISTER සහ නව නාවික උපදේශක වශයෙන් පත්වීමට නියමිත Lieutenant Commander JESSICA V. DE MONT සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා අද දින (2023 මැයි 19) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
19 May 2023
රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් රණක්‍ෂිතයට පත් නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපති ගෙන් උපහාර
රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් අද දින (2023 මැයි 18) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වී ඔවුන් වෙත උපහාර පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය ද සහභාගී විය.
18 May 2023
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ජ්‍යේෂ්ඨ කර්නල් Zhou Bo අද දින (2023 මැයි 17) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
17 May 2023
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Batti Malv’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Batti Malv’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 මැයි 16) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
16 May 2023
නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් වෙනුවෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් විශේෂ දේශණයක් පවත්වයි
නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන අත්දැකීම් මත පදනම් වූ දේශන මාලාවේ පස්වන දේශනය, ‘ Location, Location, and Location: Defence Diplomacy & Indo Pacific Strategies for Sri Lanka’ යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විසිවන (20) නාවික හමුදාධිපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් 2023 මැයි මස 13 වන දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
16 May 2023
නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ 41 ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2022 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 41 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා හෙද ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අද දින (2023 මැයි 15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගෞරවණීය ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාවාර්ය එස්එස්පී වර්ණකුලසූරිය මහතා සහභාගී විය.
15 May 2023
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 32 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 32 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව හදාරන ලද ශිෂ්‍ය නිලධාරීන්ගේ සහතික ප්‍රදානෝත්සවය 2023 මැයි මස 11 වන දින නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
15 May 2023
ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ ඉදිකරන ලද වායු රයිෆල් ක්‍රීඩා සමාජය නාවික හමුදාධිපතිගේ ප්‍රධානතවයෙන් විවෘත කෙරේ
නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ගේ විනෝදාස්වාදය වෙනුවෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ වෙඩි තැබීමේ පුහුණු පාසලෙහි ස්ථාපනය කර තිබූ වායු රයිෆල් ක්‍රීඩා සමාජය, නාවික තඨාකාංගනය නැරඹීමට පැමිණෙන අමුත්තන් හටද භාවිතා කළ හැකි පරිදි නවීකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර, නාවික කෞතුකාගාරය අසල නව පරිශ්‍රයක විවෘත කිරීම, 2023 අප්‍රේල් මස 30 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
14 May 2023
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 388 ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 250 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හතලිස් පස් දෙනෙකු (345) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් තුන් දෙනෙකු (43) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූඅට දෙනෙකු (388) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 මැයි මස 13 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.
14 May 2023
නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මැයි මස 11 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම් කටයුතු, පුහුණු කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්‍රායන්, මෙහෙයුම් සූදානම සහ කාලීන ආර්ථික අභියෝග කළමණාකරනය පිළිබඳව එහිදී, උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
12 May 2023