නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 91ක් සහ පාවහන් තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය බත්තලන්ගුංඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන ලද, වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් අනූ එකක් (91) (තෙත බර සහිත) සහ පාවහන් යුගල් දෙසීය තිස්අටක (238) තොගයක්, 2025 ජුලි මස 03 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බළඝණ මූලස්ථානය මඟින්, කල්පිටිය බත්තලන්ගුංඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ තිබූ සැකකටයුතු උර පහක් (05) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන ලද වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් අනූ එකක් (91) සහ පාවහන් යුගල දෙසීය තිස්අටක (238) තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියළි ඉඟුරු සහ පාවහන් යුගල තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.