නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්රෑම් 1285කට අධික තොගයක් සහ වියළි ඉඟුරු කිලෝ ග්රෑම් 604කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, මීගමුව කුට්ටිදූව සහ කුඩාපාඩුව වෙරළ ප්රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, බීඩි කොළ කිලෝ ග්රෑම් එක්දහස් දෙසිය අසූපහකට (1285) අධික තොගයක් රැගත් ඩිංගි යාත්රා දෙකක් (02), වියළි ඉඟුරු කිලෝ ග්රෑම් හයසිය හතරකට (604) අධික තොගයක් සහ ඖෂධ බහලුම් පෙට්ටියක් (01), 2025 ජුලි මස 29 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, බටහිර නාවික විධානය මඟින්, මීගමුව කුට්ටිදූව වෙරළ ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ඩිංගි යාත්රා දෙකක (02) තිබූ සැකකටයුතු උර හතලිහක් (40) පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුල තිබී නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා පලා යන්නට ඇතැයි සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්රෑම් 1285කට අධික තොගයක් සමඟ එම ඩිංගි යාත්රා 02ක නාවික හමුදා භාරයට ගන්නා ලදි.
තවද, එම විධානය වෙතින් මීගමුව කුඩාපාඩුව වෙරළ ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්රදේශයේ තිබූ සැකකටයුතු උර දහසයක් (16) හා පෙට්ටියක් (01) පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් එම වෙරළ ප්රදේශයේ අතහැර දමා යන ලද, වියළි ඉඟුරු කිලෝ ග්රෑම් 604කට අධික තොගයක් සහ ඖෂධ ටියුබ් 860ක් බහලුම් කළ පෙට්ටියක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ, ඩිංගි යාත්රා දෙක, වියළි ඉඟුරු සහ ඖෂධ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.