නාවික හමුදා සුපරීක්ෂාව හේතුවෙන් නීති විරෝධී ලෙස රැගෙන ආ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නීතියේ රැහැනට
විශ්වසනීය තොරතුරු හුවමාරුව සහ ශක්තිමත් නාවික ආරක්ෂක විදිවිධාන හේතුවෙන්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘෂී රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සමඟ සැකකරුවෙකු (01) පුත්තලම ඒත්තාලෙයි ප්‍රදේශයේදී 2025 අගෝස්තු මස 19 වැනි දින රාත්‍රීයේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2025 අගෝස්තු මස 19 වැනි දින පුත්තලම ඒත්තාලෙයි ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ලොරි රථයක් නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ලොරි රථයේ තිබූ නීති විරෝධි ලෙස රට තුලට රැගෙන ආ බවට සැකකෙරෙන කෘමිනාශක සහ වල්නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ එම ලොරි රථය මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන තලවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගත් අතර, එම සැකකරු, කෘෂි රසායනික ද්‍රව්‍ය තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.