නීති විරෝධී ලෙස රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1680ක් සමඟ සැකකරුවන් 02ක් හලාවත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී 2025 සැප්තැම්බර් මස 12වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හයසිය අසූවක (1680) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව මඟින් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයයේ සිදුකල මුර සංචාරයකදී, එම මුහුදුප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගියාත්‍රාව තුල උර පනස්හයක (56) අසුරා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හයසිය අසූවක (1680) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනෙක් (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් සැක කරුවන් දෙදෙනා කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, බීඩි කොළ තොග‍ය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.