වෝටර් ජෙල් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 115ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මන්නාරම පල්ලිමුනෛ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 31 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සන්තකයේ තබා සිටි වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු එකසිය පහළොවක (115) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ ඵුස්සදේව ආයතන, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, මන්නාරම පල්ලිමුනෛ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සන්තකයේ තබා සිටි වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු එකසිය පහළොවක පමණ (115) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන මන්නාරම, පල්ලිමුනෛ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරු (01) සහ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු එකසිය පහළොවක (115) තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


















