නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 300කට අධික තොගයක් මාරවිල මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මාරවිලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් සියයකට (300) අධික තොගයක් (තෙත බර සිහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් පී 484 යාත්‍රාව මඟින්, මාරවිලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු උර දහයක් (10) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා තිබූ, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උතසහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යනලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් සියයකට (300) අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරායේ පිහිටි මත්ද්‍රව්‍ය නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
















