නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 882ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි මස 25 වැනි දින කල්පිටිය ආනවාසල සහ මොහොත්තුවාරම් ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ සහ ලඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය අසූදෙකක (882) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය ආනවාසල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, කැබ් රථයක (01) ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය හයක (306) පමණ තොගයක් සමඟ එම කැබ් රථය (01) සහ මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් මඟින් ලඳු කැලෑවක් තුල සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය හැත්තෑ හයක (576) පමණ තොගයක් වශයෙන් නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය අසූදෙකක (882) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැරදමා යන්නට ඇතැයි සැකකෙරෙන නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.