මෙහෙයුම් පුවත්
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 දෙසැම්බර් මස 04 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Dec 2024
රුපියල් මිලියන 75 කට අධික දළ විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ගුරුනගර් හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; අද දින (2024 දෙසැම්බර් 04) අළුයම යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ එකසීය අසූ අටයි (188) ග්‍රෑම් හාරසිය පනස්පහක (455) තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Dec 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 12 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය නිලාවේලි මුහුදු ප්‍රදේශයේ සහ පුන්නයඩි වෙරළ ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් මස 02 සහ 03 යන දෙදින තුලදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ විදුලි ආලෝකධාරා භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ ඔරුවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Dec 2024
නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති, දෘශ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට ගැසීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝගික ගැට ගැසීමේ (Rigging) තරඟාවලිය, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් 2024 නොවැම්බර් මස 30 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
03 Dec 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් 18ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 දෙසැම්බර් මස 02 වන දින යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහ අටදෙනෙකු (18), එම ධීවර යාත්‍රාව ඉන්දීය ශ්‍රී ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකොට නාවික සැතපුම් 30 ක් පමණ ශ්‍රී ලංකාව දෙසට පැමිණ සිටියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Dec 2024
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 3380 ට අධික දළ විථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරායට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, ඉන්දීය නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව (01) සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙක් බහුදින යාත්‍රාව (01) සහ සැකකරුවන් පිරිස අද (2024 දෙසැම්බර් 02) ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු නෞකාව මඟින් කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, විසින් එම මත්ද්‍රව්‍ය තොගය නිරික්‍ෂණය කිරීම කොළඹ වරායේදී සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවෙ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් එම් ආනන්ද් ද සහභාගී විය.
02 Dec 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 733 ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මොහොත්තුවාරම වෙරළ ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 01 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය තිස්තුනක (733) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Dec 2024
අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් තුල නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ගංවතුර ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වෙත අනුයුක්ත කෙරුණු ගන්වතුර ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 දෙසැම්බර් 01) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
01 Dec 2024
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ නැගෙනහිර පළාතේ වාකරේ සහ වෙරුගල් ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කර ඇති නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 30) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
30 Nov 2024
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ නැගෙනහිර පළාතේ වාකරේ සහ වෙරුගල් ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කර ඇති නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 30) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
30 Nov 2024