මෙහෙයුම් පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 අගෝස්තු මස 26 වන දින මන්නාරමට, උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

27 Aug 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 748 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 748.6 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

26 Aug 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 776 ක පමණ තොගයක් කල්පිටියේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කප්පලඩි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 24) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය හැත්තෑ හයක (776) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

24 Aug 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 අගෝස්තු මස 23 වන දින යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Aug 2024

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් උතුරු මුහුදේදී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහය

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 447 ක් පමණ (කිලෝ මීටර් 827 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කර ඇති බව, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත 2024 අගෝස්තු මස 21 වන දින දැනුම් දීමක් සිදු කර ඇත.

22 Aug 2024

කළුතර පරගොඩ ප්‍රදේශයේ දියේ ගිලීමේ අවදානමේ සිටි පුද්ගලයෙකු නාවික හමුදාව මඟින් බේරා ගනියි

අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාව වෙත නාවික හමුදාව මඟින් අඛණ්ඩව සහන සැලසීම සිදුකරනු ලබන අතර, අද දින (2024 අගෝස්තු 19) සන්ධ්‍යාවේ පරගොඩ ප්‍රදේශයේ ගන් වතුරට හසුවී දියේ ගිලීමේ අවදානමේ සිටි පුද්ගලයෙකු නාවික හමුදාව මඟින් බේරා ගැනීමට කටයුතු කෙරිණි.

19 Aug 2024

නාවික හමුදා ගංවතුර සහන කණ්ඩායමක් කළුතර පරගොඩ ප්‍රදේශයේ ස්ථානගත කෙරේ

අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශය වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායමක් (01) ස්ථානගත කිරීමට අද දින (2024 අගෝස්තු 18) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

18 Aug 2024

මත්පෙති තොගයක් සිලාවතුර පණ්ඩරවේළි හිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව, 2024 අගෝස්තු මස 17 වන දින සිලාවතුර, පණ්ඩරවේළි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නිවසක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය අසූවක (380) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

18 Aug 2024

තලෙයිමන්නාරම වෙරළට ගසාගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 208 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඌරුමලේ සහ පරණ පාලම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 11 සහ 12 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, එම වෙරළ ප්‍රදේශ වෙත ගසාගෙන එන ලද බීඩි කොළ කිලෝ දෙසිය අටක (208) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

14 Aug 2024

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ සහ එම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නවදෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Aug 2024