මෙහෙයුම් පුවත්
පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල සැකකරුවන් 05 ක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා 2024 ජුලි මස 07 වන දින දකුණු මුහුදේදී අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
09 Jul 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2888 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 08) සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් අටසියය අසූ අටක (2888) පමණ තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ කැබ් රථයක් සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
08 Jul 2024
නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 3000 ක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කොළඹ වරාය නගර පිවිසුම අසල ප්‍රදේශයේ අද දින (2024 ජුලි 06) සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තුන් දහසක (3000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
06 Jul 2024
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 38 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ඉරනකේනි, නිලාවේලි, මුලතිව් කෝකිලායි, වෙත්තලකේනි චලෙයි, එරක්කන්ඩි සහ ත්‍රීකුණාමලය එළිසබෙත් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුනි මස 30 වන දින සිට 2024 ජුලි මස 03 වන දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිස් අටක් (38) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Jul 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ඩව් යාත්‍රා 04 ක් සමඟ ඉන්දීය ධීවරයින් 25 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 ජුලි 01) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ඩව් යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු (25) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Jul 2024
“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය ධීවරයා විජයබාහු නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අද දින (2024 ජුලි 01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
01 Jul 2024
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ‘MV KOTA CAMIL’ නෞකාවෙන් රැගෙන ආ “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය ධීවරයා විජයබාහු නෞකාව වෙත ලබා ගනියි

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාවක් මඟින් අද දින (2024 ජුනි 30) උදෑසන මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, එලෙස මුදවාගත් ධීවරයින් දෙදෙනා (02) ගෙන් එක් අයෙකු (01) ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට පත්ව ඇත. අසාද්‍ය තත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත අද දින (2024 ජුනි 30) සන්ද්‍යාවේදී දෙවුන්දර සිට නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 314 ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ලබා ගැනීමට කටයුතු කෙරිණි.
30 Jun 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1713 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ 2024 ජුනි මස 28 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, මුදලප්පායි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සහ නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ ළදු කැලෑවක් තුළ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1713 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Jun 2024
රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 191 කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කොළඹ සිට නාවික සැතපුම් 120 ක් පමණ (කිලෝමීටර් 222 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 191 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2024 ජුනි මස 24 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, අද දින(2024 ජුනි 26) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව පරික්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
26 Jun 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම මෙහෙයුම අතරතුර නාවික හමුදා අත්අඩංගුවට පත්වීමට එරෙහිව අනතුරුදායක හා කලහකාරී ලෙස (Aggressive Manoeuvres) ඉන්දීය ධීවර යාත්‍රාව හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් විය.
25 Jun 2024