ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් වැඩසටහන් රැසක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව, මාර්තු මස 8 වන දිනට යෙදෙන ලෝක කාන්තා දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ දී අද (4) සිදු කෙරිණි.

04 Mar 2016

සේවා වනිතාවෝ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ශාරීරික සුවතා වැඩසටහනකට සහභාගී වෙයි
 

නාවික ‍හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවෝ පෙබරවාරි මස 15 වන දින නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ශරීර සුවතා වැඩසටහනකට සහභාගී විය.

03 Mar 2016

සේවා වනිතා සභාපතිනිය ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් අමතයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මිය විසින් පෙබරවාරි මස 12 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී නාවික ‍හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් අමතනු ලැබිණි.

15 Feb 2016

නාවික හමුදා පෙරපාසල් සඳහා නව වසරට දූ දරුවන් බඳවා ගැනේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු පෙර පාසල සඳහා නව වර්ෂය වෙනුවෙන් ළමුන් බඳවා ගැනීම ජනවාරි මස 7 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පෙර පාසල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

08 Jan 2016