ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම මත වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පසුගිය මාර්තු මස 29 වන දින එම ආයතන ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
03 Apr 2018
සේවා වනිතාවෝ ලෝක කාන්තා දිනය සමරයි

පසුගිය මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
15 Mar 2018
සේවා වනිතා සාමාජිකාවන් වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් වන රසාංජලී ඒකනායක, නයනා ද සිල්වා සහ නෙළුම් සේනානායක යන සාමාජිකාවන් හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 26 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.
02 Mar 2018
2018 ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැළ සඳහා මුල්ගල තැබේ

තලාතුඔය, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක වෙළඳසැළ සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ අතින් පසුගිය පෙබරවාරි මස 23 වන දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
26 Feb 2018
සේවා වනිතා ඒකකය මඟින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය විසින් ඊයේ (ජනවාරි 11) නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා කොළඹ, නාවික මහ රෝහල් සංකීර්ණයේදී විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
12 Jan 2018
නාවික පෙර පාසල් සඳහා 2018 වර්ෂයට නව දරු දැරියන් බඳවා ගැනේ

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල් සඳහා 2018 වර්ෂය සඳහා නව දරු දැරියන් බඳවා ගැනීම පසුගිය ජනවාරි මස 10 වන දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
12 Jan 2018