සේවා වනිතාවෝ ත්‍රිකුණාමලයේදී මනෝ සමාජීය වැඩසටහනක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ සංකල්පයකට සහ එතුමියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 12) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරය්දී මනෝ සමාජීය දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

13 Oct 2017

රූපලාවන්‍ය ශිල්පය හදාරන කාන්තා නාවිකයන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා වනිතා ඒකකය යටතේ පවතින රූපලාවන්‍යාගාරයන් වලට අනුයුක්ත කාන්තා නාවිකයන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් ඊයේ (ඔක්තෝබර් 02) පැවැත්විණි. මෙම වැඩමුළුව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුණි සින්නයියා මැතිණියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කොට තිබිණි.

03 Oct 2017

නාවික පෙර පාසල් දරු දැරියන් ලෝක ළමා දිනය සමරයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ මගපෙන්වීම යටතේ, ඔක්තෝබර් මස 01 වන දිනට ‍යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් නාවික පෙර පාසල්හි ඉගනුම ලබන දරු දැරියන් සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.

02 Oct 2017

නාවික හමුදා සේවා වනිතා මහ සභා රැස්වීම කොළඹ දී පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා මහ සභා රැස්වීම ඊයේ (සැප්තැම්බර් 20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, තිරුනි සින්නයියා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

21 Sep 2017

නාවික හමුදා සේවා වනිතා සභාපතිනිය ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා සභාපතිනිය හමුවෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනී තිරුනි සින්නයියා මැතිණිය අද දින (සැප්තැම්බර් 19) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී, ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා සභාපතිනී සලිණි වෛද්‍යරත්න මැතිණිය හමුවිය.

19 Sep 2017

සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය නාවික පෙර පාසල් වල නිරීක්ෂණ චාරිකාවක
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණිය පසුගිය දින කිහිපය තුළ නැගෙනහිර, බටහිර සහ දකුණු යන නාවික විධානයන්හි නාවික පෙර පාසල් වල නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.

14 Sep 2017

සේවා වනිතා නව සභාපතිනිය වැඩ අරඹයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත්වූ තිරුනි සින්නයියා මැතිණිය අද (සැප්තැම්බර් 13) දින නිල වශයෙන් වැඩ භාර ගැනීම සිදු විය.

13 Sep 2017

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය පිළිගැනීම අද
 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත් වු ගරු තිරුණි සින්නයියා මැතිණිය පිළිගැනීම අද (සැප්තැම්බර් 12) දින නාවික හමුදා මුලස්ථානයේදි සිදුවිය.

12 Sep 2017

නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය නැරඹිම සඳහා සේවා වනිතාවෝ සහය වේ.
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට හා මඟපෙන්විම අනුව, පසුගිය ජුලි 29 වන දින සිට ඊයේ (අගෝස්තු 08) දක්වා පැවති ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය, මහනුවර ප්‍රදේශයේ පදිංචි නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට අපහසුතාවයකින් තොරව නැරඹිම සදහා අවස්ථාව උදා කර දීමට කටයුතු කරන ලදි.

10 Aug 2017

‘OFFICERS’ CHILDREN’S CLUB MAGAZINE’ සඟරාව එළිදැක්වේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත නාවික හමුදා නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණ ඇතුළත් ‘OFFICERS CHILDREN’S CLUB MAGAZINE’ සඟරාව එළි දැක්වීම අද (අගෝස්තු 04) කොළඹ, ලයිට් හවුස් ගැලි අවන්හල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

04 Aug 2017