267 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 330ක් නාවික හමුදා සේවයට එක්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 267 වැනි ආධුනික නාවික බඳවා ගැනීම යටතේ ආධුනික නාවිකයින් බඳවා ගැනීම 2026 අගෝස්තු මස 13 සහ 14 යන දෙදින තුළ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය හා සේවේච්ඡා යන සියළුම අංශ සඳහා සිදු කළ මෙම 267 වැනි ආධුනික නාවික බඳවා ගැනීම යටතේ, බඳවාගත් අධුනික නාවිකයින් දෙසීය තිස්දෙනෙකු (230) සහ ආධුනික කාන්තා නාවිකයින් සිය දෙනෙකු (100) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය තිස්දෙනෙකු (330) නාවික හමුදා සේවයට එක්වීම මෙහිදී සිදු කෙරිණි.
තවද, බඳවා ගැනිමේ අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික පුද්ගල කොමදෝරු මනෝජ් ලීලාරත්න ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ නාවික පුද්ගලයින් පිරිසක් මෙන්ම, ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් සහ ඥාතීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.













