ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපතිවරයා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපතිවරයා, අතිගරු වීබේ ජැකෝබ් ඩී බෝයර් (H.E. Wiebe Jakob DE BOER) නිල හමුවක් සඳහා අද දින (2026 අගොස්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපතිවරයා විසින් 27 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
1 /
6













