ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අත්දැකීම් පාදක දේශනයක් හා වැඩමුළුවක් නැගෙනහිර නාවික විධානයේදී
නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයන් වෙනුවෙන්, අත්දැකීම් පාදක දේශනයක් හා වැඩමුළුවක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අගෝස්තු මස 23 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගී විය.
ඒ අනුව, මෙම අත්දැකීම් පාදක දේශනය හා වැඩමුළුව තුළදී නාවික හමුදා පුද්ගලයන්ගේ නාවික හා සිවිල් ජීවිතයේ අපේක්‍ෂිත අරමුණු වෙත ලඟාවීම සඳහා අවශ්‍ය වටිනා අදහස්, කුමාර් සංගක්කාර මහතා විසින් ස්වකීය ජීවිතයේ අත්දැකීම් අනුසාරයෙන් නාවික හමුදා පුද්ගලයන් වෙත ගෙනහැර දක්වමින් සාකච්ඡා කෙරුණු අතර, නාවික හමුදා පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් වැඩමුළුව සාර්ථකව සිදු කෙරිණි. තවද, මීට සමඟාමීව ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති ක්‍රිකට් තරඟාවලියක් නිරීක්‍ෂණය සඳහා කුමාර් සංගක්කාර මහතා සහභාගී විය.
තවද, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු නැගෙනහිර නාවික විධානයට අයත් නෞකා සහ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් මෙම අත්දැකීම් පාදක දේශනය හා වැඩමුළුව සඳහා එක්වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කුමාර් සංගක්කාර මහතා වෙත සමරු තිළිනයක් පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.













