EVENT NEWS 2026

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ

31 Aug 2026

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන, ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යන මණ්ඩල උපදේශිකා (සිවිල් සේවා) අන්විතා සිංහ (Mrs Anvita Sinha) මහත්මියගේ දූත ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ දූත පිරිසක්, අද දින (2026 අගොස්තු 31) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

ඒ අනුව, මෙම සංචාරයේදි ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ දූත මණ්ඩල ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා හමු විය. පුහුණු ක්‍ෂේත්‍රය හා සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳව සිදුකෙරුණු සුහද පිළිසඳරකින් අනතුරුව, දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

තවද, මෙම අධ්‍යයන සංචාරයේදි ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ දූත පිරිස නැගෙනහිර සහ දකුණු නාවික විධානයන්හී මෙන්ම, දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීමටද නියමිතව ඇත.

Accessibility Tools