හම්බන්තොට මහ රෝහලේ පැවති ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායකවෙයි
හම්බන්තොට මහ රෝහල විසින් අද දින (2026 අගෝස්තු 28) සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා දකුණු නාවික විධානය විසින් දායකත්වය ලබා දීම සිදු කෙරිණි.
ඒ අනුව, හම්බන්තොට මහ රෝහලේ රුධිර සංචිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, එම රෝහල විසින් සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා, දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවික හමුදා පුද්ගලයන් පිරිසක් මෙලෙස දායක වූහ.
1 /
6













