EVENT NEWS 2026

නාවික හමුදාව මඟින් ධීවර ප්‍රජාව සඳහා මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්

19 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවර ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ මූලික ප්‍රථමාධාර වැඩසටහනක් 2026 අගෝස්තු මස 18 වැනි දින හම්බන්තොට ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාව, සමාජමය වශයෙන් ප්‍රජාව බලගැන්වීම යටතේ, දකුණූ නාවික විධානය විසින් සංවිධානය කල මෙම වැඩසටහන මඟින්, වැඩසටහනේදී තුවාල සිදුවීම්, රුධිර වහනය, පිළිස්සුම්, සිහිසුන් වීම සහ මුහුදු පරිසරය තුළ ඇතිවිය හැකි හදිසි සෞඛ්‍ය තත්ත්වයන්හිදී ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව හා එවැනි හදිසි අවස්ථාවක් කළමනාකරණය කරගන්නා ආකාරය ඇතුළු යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ හම්බන්තොට ධීවර වරායේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි.

Accessibility Tools