EVENT NEWS 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ආරෝග්‍යා’ ජාතික සුවතා වැඩසටහනට සමගාමීව ත්‍රිකුණාමලයේ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනක් පවත්වයි

20 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානය විසින්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘ආරෝග්‍යා’ ජාතික සුවතා වැඩසටහනට සමගාමීව, 2026 අගෝස්තු 20 වැනි දින ත්‍රිකුණාමලයේදී ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර් ධන වැඩසටහනක් පවත්වන ලදී.

ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යාල පරිශ්‍රයේදී පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම මෙන්ම, ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන බෝවන රෝග වළක්වා ගැනීම පිළිබඳ ජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීමයි.

මීට අමතරව, වැඩසටහනට සහභාගී වූ ජනතාව සඳහා නැගෙනහිර නාවික ප්‍රදේශයට අනුයුක්ත වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් බෝ නොවන රෝග හඳුනාගැනීම සඳහා මූලික සෞඛ්‍ය පරීක්ෂණ ද සිදු කරන ලදී.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සඳහා පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස, මහජන සෞඛ්‍ය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙවැනි වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩව සිය සහයෝගය ලබා දෙයි.

Accessibility Tools