‘අත්තම’ ජාතික පවිත්‍රතා දින වැඩ සටහනට සමගාමීව පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදා දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය ඔස්සේ පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ‘අත්තම’ ජාතික පවිත්‍රතා දින වැඩ සටහනට සමඟාමීව, නාවික හමුදාව මඟින් පවිත්‍ර කිරීමේ වැඩසටහනක් මාලාවක් අද දින (2026 අගෝස්තු 08) මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකෙරිණි.
මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන මගින් රාගම ශික්ෂණ රෝහල් පරිශ්‍රය, නාරාහේන්පිට ඇන්ඩ්‍රසන් මහල් නිවාස සංකීර්ණයේ ළමා ක්‍රීඩාංගණය, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය, වනාතවිල්ලුව ළමා උද්‍යානය, සිලාවතුර ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය, මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහල් පරිශ්‍රය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය පවිත්‍ර කිරීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, මඩකලපුව කිරාන් රාම ක්‍රිෂ්ණා ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය, කදිරවේලි වෙරළ තීරය, තිරියාය ග්‍රාමීය රෝහල් පරිශ්‍රය, මුලතිව් මහ රෝහල් පරිශ්‍රය, යාපනය කොටුව ආශ්‍රිත ප්‍රදේශය මෙන්ම වෙත්තලකේනි, මාදගල්තුරෙයි සහ කීරමලෙයි වෙරළ ප්‍රදේශ ද මෙම පවිත්‍රතා වැඩසටහන් යටතේ පිරිසිදු කරන ලදී.
මෙම පවිත්‍රතා වැඩසටහන මඟින් අදාළ ප්‍රදේශවල එක්රැස්ව තිබූ පොලිතීන්, කඩදාසි ඇතුළු ඝන අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය විධිමත්ව ඉවත් කිරීමට කටයුතු කළ අතර, එම අපද්‍රව්‍ය පරිසරයට හානි නොවන පරිදි වෙන්කර නිසි ක්‍රමවේදයන්ට අනුව බැහැර කිරීමට ද නාවික හමුදාව විසින් ප්‍රජා සහභාගීත්වයෙන් කටයුතු කෙරිණි.













