යුද්ධ හමුදාව සංවිධනය කල ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායකවෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 513 වන පාබල බලසේනාවේ 31 වන සංවත්සරය වෙනුවෙන්, යාපනය කීරිමලෙයි, කරුගම්පනෙයි ප්‍රජා ශාලාවේදී, 2026 අගෝස්තු මස 21 වැනි දින සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දීම සිදු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජීය වගකීම හා ප්‍රජා සත්කාරක මුලපිරීම් සඳහා සහය දැක්වීමට ඇති කැපවීම පිළිබිඹු කරමින්, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නාවික හමුදා පුද්ගලයන් පිරිසක් මෙම උතුම් සමාජ සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා මෙලෙස දායක වූහ.
1 /
6













