EVENT NEWS 2026

වයඹ නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

08 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2026 අගෝස්තු 08) වයඹ නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, වයඹ නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, මන්නාරම ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඉල්ලීම මත, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලෙහි ලේ බැංකුව හා සම්බන්ධීකරණය වී සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා වයඹ නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායක වූහ.

Accessibility Tools