EVENT NEWS 2026

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා වැඩ භාර ගනියි

31 Aug 2026

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා අද දින (2026 අගෝස්තු 31) බටහිර නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූල අභිනව ආඥාපති බටහිර නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ ආඥාපති ධූරය හෙබවූ රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් විධාන මූලස්ථානයේදී නිල වශයෙන් නව ආඥාපති වෙත රාජකාරී භාරදීම සිදු කෙරිණි.

Accessibility Tools