EVENT NEWS 2026

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී හා ආරක්ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

04 Aug 2026

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී හා ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් (Lieutenant Colonel Matthew House) අද දින (2026 අගෝස්තු 04) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී හා ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් විසින් 27 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී හා ආරක්ෂක උපදේශක වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.

Accessibility Tools