EVENT NEWS 2026

මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ නියෝජිත පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

31 Aug 2026

එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රේස් තෝමස් සහ බ්‍රිගේඩියර් ජෙනරාල් රෙනේ ඩෝවාල් ඇතුළු ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2026 අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා හමු විය.

ඒ අනුව, එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමේ ‘Atlas Angel II’ පුහුණු අභ්‍යාසය සම්බන්ධයෙන් මෙම නිල හමුවේදි, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ නියෝජිත පිරිස අතර අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරිණි.

තවද, මානුෂීය ආධාර සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේදී, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා හමුදා අතර ප්‍රායෝගික සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වීමට නියමිත මෙම පුහුණු අභ්‍යාසය පිළිබඳ සිදුකෙරුණු සාකච්ඡාවෙන් අනතුරුව, එම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

Accessibility Tools