ප්‍රවීණ සූපවේදි දොන් ෂර්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විශේෂ වැඩමුළුවක්
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලබන නාවික හමුදා සූපවේදී අංශයේ නාවික පුද්ගලයින් සහ නැගෙනහිර නාවික විධානයේ සූපවේදි අංශයේ නාවිකයන් වෙනුවෙන් විශේෂ සූපවේදි වැඩමුළුවක්, ප්‍රවීන සූපවේදී දොන් ෂර්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අගෝස්තු මස 26 වැනි දින නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදාවේ ආහාර සැපයුම් හා සූපවේදී ක්‍ෂේත්‍රයට අදාළ වෘත්තීය දැනුම හා කුසලතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්; ආහාර සුරක්ෂිතතාව, ආහාර සනීපාරක්ෂාව සහ නවීන සූපවේදී ශිල්පීය ක්‍රමවේද පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදෙමින්, සූපවේදි ක්‍ෂේත්‍රයේ සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් දොන් ෂර්මන් මහතා මෙම විශේෂ සූපවේදි වැඩමුළුව සාර්ථකව සිදු කෙරිණි.
තවද, නාවික හමුදා සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය එක්ව සංවිධානය කළ මෙම විශේෂ සූපවේදි වැඩමුළුව සඳහා දොන් ෂර්මන් මහතා ලබාදුන් සම්පත් දායකත්වය අගයමින් ඔහු වෙත සමරු තිළිනයක් පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.













